Download The Guided Angelic Support Systems Meditation Hereමේව ඔයාගෙ කන්දෙක හරහා අහන අය සර්වඥ්ඥයි...එයාල නොදන්න භාෂාවක් විශ්වයේ නෑ
මේකට සිත යොමල භාවනා කරන්න ඕනේ නෑ. ආසනම් එහෙමත් අහල බලන්න. ඔයා මේකට හිත යොමුකලත් නැතත් සර්වඤ්ඤ, සර්වබල, සර්වව්‍යාපීය, කාලය අතික්‍රමණයකල ඔයාගේ බලගතු මන්දාකිනි නෑදෑයන්ට මේක හොඳටම ඇහෙනවා
" දේවදූතයින් දකින්නනම් මුළින්ම ඔවුන් ගැන විශ්වාසයක් ඇතිවෙන්න ඕනේ.ඒත් අපේ මේ විද්යාත්මක ලෝකෙ කෙනෙක් දෙයක් නොදැක විශ්වාස නොකරන තත්වයක් තියෙන්නේ. ඔයා දැනටම දන්නව ඇති මේ විශ්වයේ තව ගොඩක් දේව තල සහ ලෝක තියෙන බව. අපිට ඒව එක්ක සම්බන්දවෙන්න පුළුවන්. සිත පිරිසිදුකරගන ඒවට අපේ හදවත විවෘත කිරීමයි කලයුත්තේ. මට හම්බවුනු දේවදූතයින්ගේ ශක්තිය හරිම රසවත් පාරිශුද්ධ ශක්තියක්. මේ ශක්තීන් අතර මුල්තැන ගන්නේ දෙව්මෑණියන්ගේ ශක්තියයි ( විශ්වයේ පවතින මවකගේ ස්වභාවය ගන්නා බලවේගයයි ). සමහර වේළාවය මේ බලය මරිය මව්තුමිය විදියට ඔයා ගාවට එන්න ඉඩ තියෙනව. ක්රිස්තියානි දහමේ හැටියට දේවදූතයින්ගේ රැජිණිය විදියට සැලකෙන්නේ මරිය මව්තුමියයි. දේවදූතයන් අපිට සපයන ලොකුම තෑග්ගක් තමයි සංගීතමය හැකියාව. අපි ආදරෙන් භක්තියෙන් ගීත ගායනා කරනකොට අපේ හැඟීම් වල ශක්තිය පිරිසිදුවෙලා බලගතුවෙනව. මම දන්න විදියට කිසිම වැඩක් පලක් බාරදුන්න නැති දේවතාවුන් වහන්සේලා මිලියන ගාණක් මේ විශ්වයේ කාලය නාස්තිකරමින් උදව් දෙන්න බලා ඉන්නවා. එයාලට තවත් ඉහළ තලයකට යන්න පුළුවන් එකම විදිය අපිත් එක්ක සහයෝගෙන් වැඩකරල සොභා දහමේ අභිප්රායන් ජයග්රහණය කරවීමෙන් විතරයි. අපි අපේ ජීවිත සොභාමවට සහ මානව සංහතියට මෙහෙකරන්න කැපකරනකොට මේ දේවදූතයන් අපිව වටකරගන්නවා අපි සමග හා අපි හරහා ලෝකෙට සෙතසදන්න. සමහරු කියන විදියට අපි උපදින්නේම බලගතු ආරක්ෂක දේවතාවුන් වහන්සේල දෙදෙනෙක් අපි එක්ක අරගනයි. එයාල අපි උපදින දවසෙ ඉඳල සිරුර අතහරින දවස වෙනකන් මොහොතකටවත් එයාල අපෙන් ඉවත්වෙන්නේ නෑ. ඒත් අපිට සම්බන්ද වෙන්න පුළුවන් දේවතාවුන් වහන්සේලා ගණන තවත් සුවිෂාලයි. මාර්ගොපදේෂකයන්, ආධ්යාතිමික බලවතුන්, සහ ඉතා බලගතු දේව කණ්ඩායමක් අපි එක්ක එකතුවෙලා ලෝකෙ යහපත් තැනක් කරන්න බලා ඉන්නව හැම මොහොතකම. අපි කැපවෙනවනම් ඒ ශක්තිය එක්ක එකතුවෙලා ඒ බලවේගයෙන් ලෝකෙට සෙත සදන්න එයාල අපි එක්කයි.

Comments

Popular Posts