" තාත්තා. මගේ හදවතේ රත්තරන් පාට කෙනෙක් ඉන්නවා මට පේනව. එයා මට නිතර කතාකරනව ".
පාසලේ අධ්යක්ෂකතුමා කියවමින් සිටි පුවත්පතෙන් ඇස් ඉවතට ගෙන එකොලොස් හැවිරිදි තම පුතා ක්රිෂ්ණා දෙස බලා සිනාසුනේය. අධ්යක්ෂකතුමාට වටකුරු කාරුණික, ලොකු කම්මුල්, සහ සැමවිටම සිනාබර මුහුණක් තිබිණි.
" එයා ඔයාට මොනවද කියන්නේ ක්රිෂ්ණා? " යැයි අධ්යක්ෂකතුමා ඇසීය.
අධ්යක්ෂකතුමාගේ හඬ උණුසුම් සහ ගැඹුරුවිය. එහි සුරක්ෂිතබවට සංකේතයක් විය. ඒ හඬ සැමවිටම ලෝකයා සමග සාමකාමී විය.
" එයා මට එක එක දේවල් කියනව තාත්තේ ". ක්රිෂ්ණා මොහොතකට නිහඬවිය.
මේ ගැන වෙනත් කෙනෙක් සමගනම් කවදාවත් කතාකරන්න බැරි බව ක්රිෂ්ණා හොඳින්ම දැනසිටියේය. ඔහු එහෙම කලානම් ඔවුන් ක්රිෂ්ණාව කොලොප්පමකට ගෙන ක්රිෂ්ණාට පිස්සුයැයි කියනු ඇති. ඒත් ක්රිෂ්ණාගේ තාත්තා එක්කනම් මෙය ප්රශ්නයක් නොවන බව ක්රිෂ්ණා හොඳින්ම දනී. ක්රිෂ්ණා දන්න කාලයේ සිට එය එසේම විය.
" මම එයාගෙන් එක එක අත්දැකීම් ඉල්ලනව. එතකොට එයා මට ඒ අත්දැකීම දෙනව. අද උදේ මම මට බඩිගිනියි කියල එයාගෙන් ඇපල් ගෙඩියක් ඉල්ලුවා. එතකොටම මට කටට ඇපල් ගෙඩියක රස දැනිල මගේ බඩිගින්න නැතිව ගියා. සමහර වෙළාවට එයා මට කියනව අනාගතේ වෙන්න තියෙන දේවල්. එයා කිව්වට පස්සෙ ඒ දේවල් ඒ විදියටම සිද්ද වෙනවා ".
අධ්යක්ෂක තුමා නිහඬව තීක්ෂණ දෑසකින් තම දරුවා දෙස බැලීය.
" අනේ මම මේක හදල කියනව නෙමෙයි තාත්තේ. මම මේ ඇත්තමයි කියන්නේ. ඒක හැමවෙළේම එහෙම වෙනවා ".
" මම දන්නවා ක්රිෂ්ණා. ඔයා කියන විදියටම මම ඔයදේ දන්නවා. මට පේන විදියට ඔයා එක්ක ප්රජාපතී ඉන්නවා වගේ. සමහරවිට මිනිස්සුන්ට මේවගේ අත්දැකීම් ලැබෙනව. ඒක ගොඩක් සුවිශේෂ දෙයක් ක්රිෂ්ණා. ඒක සුවිෂාල ආශිර්වාදයක්. ඔයා ඒ ගැන සතුටුවෙලා මට තව තවත් කියන්න ඔයාගෙ අත්දැකීම් ".
ක්රිෂ්ණා තමන්ගේ තාත්තාට වෙන දරුවෙක් තමන්ගේ තාත්තාට ආදරය කරනවාට වඩා ගොඩක් ආදරය කලේය. තාත්තා ක්රිෂ්ණාගේ හොඳම යාළුවාද විය. ක්රිෂ්ණා කිසිමවිටක තාත්තා කියන දේට එකට එක කීවේ නැත. මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක් විශ්වාස කරනවාට වඩා ක්රිෂ්ණා තාත්තාව විශ්වාස කලේය. ක්රිෂ්ණා කවදාවත් ප්රජාපතී කෙනෙක් ගැන මීට කලින් අහල තිබුණේ නැත. ඒත් තාත්තා " ඒක හොඳ දෙයක් " කියනවානම් ක්රිෂ්ණාට එයම ප්රමාණවත් විය.
මුළු පාසලම ක්රිෂ්ණාගේ තාත්තාට කීවේ " ඩිරෙක්ටර් සර් " කියාය. ක්රිෂ්ණාගේ අම්මාට පාසැලේ දරුවන් කීවේ " පද්මාවතී අම්මා " කියාය. ඩිරෙක්ටර් සර් සමග ගතකරන හැම මොහොතකම පාසැලේ දරුවන් ඉතා විනෝදයෙන් සිනාවෙන් පිරී ඉතිරී ගියහ. කිසිම කෙනෙක් ඩිරෙක්ටර් සර්ගෙන් නරකක් ඇසුවේ නැත. හැම කෙනෙකුටම " තමන් තමන් විදියටම පෙනී ඉන්නට " ඩිරෙක්ටර් සර්ගෙන් අවස්තාව ලැබිණි.
ක්රිෂ්ණා තම දෑත් ඔසවා එකතුකොට " නමස්තේ " යැයි සංකේතවත් කොට විදුහල්පති කාමරයෙන් ඉවත්වී සෙල්ලම් කරන්නට දිවගියේය.
ඔහු පාසැලේ ඉදිරිපිට තිබෙණ " ලෝකය අවදිකිරීමට ගොඩනැගූ පදනම " නැමති පුවරුව ගාවින් දිවගියේය. ඔහු පාසැල මැද තිබෙණ විසාල බුදු පිළිමය ලඟින් දිවගියේය. ක්රීඩා පිටියේ තණතිල්ල අසල " ඔයාගෙ සිතුවිළි ඔයාගේ නෙමෙයි. ඔයාගෙ හිත ඔයාගේ නෙමෙයි " කියා සවිකර තිබුණු පුවරුව අසලින්ද ක්රිෂ්ණා දිවගියේය.
" මානව සංහතිය මානසික රෝගයකින් පෙළෙයි. මිනිසාට උරුම ස්වභාවික අවස්තාව නිර්වාණයයි " කියා තවත් පුවරුවක ලියා තිබිණි. ක්රිෂ්ණාගෙ හිතේ තිබුණේ එකම එක දෙයක් පමණයි. ඒ තමයි ක්රිකට්.
---------------------ලිපිය අනවශ්ය ලෙස දිගුවීම වැලැක්වීමට පොතේ පිටු කිහිපයක් අතහරින ලදී. ලිපිය අනවශ්ය ලෙස දිගුවීම වැලැක්වීමට පොතේ පිටු කිහිපයක් අතහරින ලදී.
ඒ අගෝස්තුවේ එක දිනක අධ්යක්ෂක තුමා ක්රිෂ්ණාව නැවතත් පාසැලේ කාර්යයාලයට කැඳවූයේය.
" පුතා. අපි දැන් බලමු ඔයාගේ එක්ක ඉන්න රත්තරන් පාට කෙනාව අනිත් අයටත් පාස් කරන්න පුළුවන්ද කියලා".
තමන් ඒක කරන්නේ කොහොමද කියලා තමන් නොදන්න බව ක්රිෂ්ණා කීවේය.
" ඔයා ඒ ගැන හිතන්න එපා. ඒක ඉබේම වෙයි පුතා " කියා අධ්යක්ෂක තුමා ක්රිෂ්ණාට උපදෙස් දුන්නේය. ටික වෙලාවකින් අධ්යක්ෂක තුමා ජ්යෝතිට කාර්යයාලයට එන්නට කියා පණිවිඩයක් යැව්වේය. කාර්යයාලයට පැමිණි ජ්යෝතීගේම වචන වලින්ම ඇය ලැබූ අත්දැකීමයි මේ.
" 1989 අගෝස්තු 17වෙනිදා හවස හතට විතර හොඳටම වසිද්දී ශ්රී කල්කී භගවාන් මට එන්න කියල පණිවිඩයක් එව්වා. ඉතින් මම භගවාන්ගේ ගෙදරට ගියා. විසාල මේසයක ශ්රී කල්කී භගවාන් එක්ක ශ්රී ක්රිෂ්ණා මුහුණට මුහුණලා වාඩිවෙලා හිටියා. ඒ මේසේම අනිත් අතින් ඉඳගන්න කියල භගවාන් මට කීවා. ශ්රී ක්රිෂ්ණා මටවඩා අවුරුද්දක් බාලයි. භගවාන් මට කීවා " ඇස්දෙක වහගන ක්රිෂ්ණා ඔයාට දෙන ආශිර්වාදය ලබාගන්න " කියලා. මම මගෙ ඇස්දෙක වහගත්තා. මම ඇස්දෙක වහගත්තාම මට පෙනුනා ක්රිෂ්ණාගේ ඉඳල මට ආලෝක දහරාවක් ( ලයිට් බීම් එකක් ) ඇවිත් වදිනවා කියලා. ජීවිතේ පලවෙනි වතාවට මට මගේ ඇස් වහගන ඉන්ඩැද්දී මුළු පරිසරයම හොඳට පෙනුනා මම ඉන්න කාමරයේ. මම ඇස් ඇරගන ඉන්නකොට වගේ හොඳටම මට මුළු කාමරයම පෙනුනා. මේ වෙලාවේ ක්රිෂ්ණා එයාගෙ අත්දෙක මගේ හිස මතින් තිබ්බා. එයා එහෙම කලාම මගේ කොඳුනාරටියේ මූලය ගොඩක් රත්වෙලා එතනි ඇරඹුණු රශ්මියක් මගේ හිස්මුදුනට නගින්නට ගත්තා. මම දැන් දන්නව ඒකට කියන්නේ කුණ්ඩළිනිය කියලා. මම දැක්කා මගේ ඇස් වහගන ඉද්දී මගේ චක්ර මණ්ඩලය එකින් එක විකසිතවෙන හැටි සහ ඒ චක්රවලට අධිපති දෙවිවරුන් දේවතාවියන්ව. මම ජීවත්වෙලා තිබුනේ චක්ර ගැනවත් ඒ චක්රවලට අධිපති දේවතාවනුත් දන්න පරිසරයක නෙමෙයි කොහොමටවත්. ඒත් ඒවා මම ඉස්සරහ විකසිතවුනා. ඒක පුදුම අත්දැකීමක් - මම ශොක්වුනා ඒකෙන් - මම විශ්වමයට පත්වෙලා හිටියේ.

ඊට පස්සෙ භගවාන් කීවා " දැන් ඔයා ඇස් අරින්න " කියලා. මම ඇස් ඇරියාම වුනේ මොකද්ද වෙන්නේ මොකද්ද කියල මට කිසිම අදහසක් තිබුණේ නෑ. ඔරලෝසුවේ හැටියට ඔක්කොම වෙලා තිබුණේ විනාඩි දෙකක් ඇතුලත. මටනම් ඒක ගොඩක් දීර්ඝවෙලාවක් වෙච්ච දෙයක්. " දැන් ගිහිල්ල විවේක ගන්න " කියල භගවාන් මට කීවා. මම කාමරයට ආපසු ගියාට පස්සෙත් දීක්ෂාව දිගටම ක්රියාත්මකවුනා ( ලැබුණු ආශිර්වාදය. දීක්ෂා යනු දා ඊක්ෂා වේ. දා ඊක්ෂා යනු ඇහැ පෑදීම නම්වේ. ). ක්රිෂ්ණා දීපු දීක්ෂාව තනියම තමන්ගේ වැඩකකොටස කරගන යන්න පටන්ගත්තා. ඊට දවස් කීපයකට පස්සෙ සැප්තැම්බර් මාසයේ මම නිවාඩුවට ගෙදර ගිහිල්ල පොතක් කියව කියව ඉන්ඩැද්දී එකපාරටම මට මගේ හදවතේ යම්කිසි උණුසුමක් දැනිලා භගවාන් මගේ හදවතේ පෙනීහිටියා. ඒ වෙනවිට අපි භගවාන් කියල එයාට කියනෙන නෑ. අපි එයාට සර් කියන්නයි පුරුදුවෙලා හිටියේ. " සර් කොහොමද මගේ හදවතේ වැඩල ඉන්නේ? " කියල මම මගෙන්ම අහන්න ගත්තා පුදුමවෙලා. ඊටපස්සේ භගවාන් මට හදවතේ ඉඳල කතාකරන්න පටන්ගත්තා. ඒ කතාකරන ඒව මට මේ කන්දෙකට ඇහෙන තරම් ඇත්ත විදියට තමයි ඇහුනේ. මම බයවුනේනම් නෑ. ඒක හරිම විනෝදාත්මක අත්දැකීමක්. මුළු සැප්තැම්බර් නිවාඩුව පුරාම මේවගේ පුදුමාකාර අත්දැකීම් මට ලැබුනා. මට ශ්රී පද්මාවතී අම්මාව දකින්න ඕනේනම් මම කරන්නේ " භගවාන්. මට අම්මාව දකින්න ඕනේ " කියන එකයි. එතකොටම මගේ මනෝකාය ජීවාශ්රමයට ගිහින් අම්මා ලඟට යනවා. අම්මා ඇඳගන හිටිය සාරියෙ පාටත් - අම්ම කතාකලේ කාටද කියලත් මම දන්නවා වගේම, මම එතනට ගියාම අම්මා ලඟ ඉන්න අයට කියනවා " මෙන්න සාමාදර්ශිනී අපිව බලන්න ඇවිත් " කියලා. භෞතික ලෝකෙ සීමා අතුරුදහන්වෙලා තිබුණා "
ඒ සරත් සමයේදී ක්රිෂ්ණා මේ ආශිර්වාදය " දීක්ෂා - ද ඊක්ෂා - සති ඇස පෑදීමේ ශක්තිය " ළමයි ගොඩක් දෙනෙකුට පාස් කලේය. එයාල පෝලිමකට සිට " අනේ මාවත් අල්ලන්න. අනේ මාවත් අල්ලන්න " කියා ක්රිෂ්ණාට පින්සෙන්ඩු වෙන්නට විය. ක්රිෂ්ණා කෙනෙක්ව ස්පර්ෂකල සැණීන් එයා තුළ සුවිෂාල අවදිවීමක අත්දැකීමක් ක්රියාත්මක විය. පාසැලම සුරංගනා ලෝකයකට හැරිනි. ක්රිස්තියානි ළමයින්ව ස්පර්ශකලාම ඔවුන්ට ජේසුස් වහන්සේ හදවතේ වැඩ ඉන්න අත්දැකීම ලැබිණි. මුස්ලිම් ලමයි නබිනායක තුමා හදවතේ අවදිවී නබි නායකතුමා ඔවුන්ව මුස්ලිම් දිව්යලෝකවලට රැගෙන යන අත්දැකීම ලැබුවහ. සමහර ළමයින්ගේ හදවතේ පෙනී හිටියේ බුදුරජාණන් වහන්සේයි. රාමා, ක්රිෂ්ණා, සහ අනෙකුත් ආධ්යාත්මික ගුරුවරුන් ළමයින්ගේ අධ්යාත්මික පසුබිමට ගැලපෙන්නට ඔවුන් තුල අවදිවිනි. බොහෝ ළමයින්ට දැණුනේ ඔවුන් සුවිශාල කාන්තියකින් යුතු ආධ්යාත්මික ආලෝකයක දවස පුරා ජීවිතය ගෙවන අයුරකුයි.

දවසේ හැම මොහොතකම ඔවුන් සමගම රැඳී සිටිමින් ඔවුන්ට මග පෙන්වන සුවිෂාල බුද්ධියක් සහ සිහියක් ඇති විඥ්ඥාණයක් ඔවුන්ගේ හදමලේ වැඩ සිටියේය. මේ සුවිෂේශී හදමලේ වැඩසිටින මාර්ගෝපදේශකයාට කියන්නේ " අන්තර්යාමියා - ඉන්ඩ්වෙලර් " කියායැයි පාසැලේ අධ්යක්ෂක තුමා ඔවුන්ට කියා දුන්නේය. අන්තර්යාමියා ඔයාලාට් විශ්වයේ පරමසත්යයට මගපෙන්වයි යැයි අධ්යක්ෂක තුමා ළමයින්ට කියාදුන්නේය.

ඔයාගෙ ඉංග්රීසි දැනුම හොඳනම් " විෂ්ණු අවතාර කල්කීගේ සංදේශය රැගෙන මල්සර වාහණ සුඛ සිංහලේට පැමිණෙන පරිච්චේදයත් ", " විෂ්ණු අවතාර කල්කී සිංහලේට පැමිණ පද්මාවතීව විවාහකරගන්නා පරිච්ඡේදයත් " කියවන්න.
https://cutt.ly/vLe94FX
ඉහත පරිවර්තිත ලිපිය උපුටාගත්තේ මේ පොතෙනි ( Free Pdf Download ) - Awakening To Oneness - Power of Blessing In The Evolution of Consciousness https://bit.ly/3zEULLC

Comments

Popular Posts