Dr. Pillai Activating His Light Body මේ ලින්ක් එකෙන් ආචාර්ය භාස්කරන් පිල්ලේ ( ශ්රී දත්තාත්රේය සිවා බාබා ) එයාගේ ජ්යෝතිකාය ඇක්ටිවේට් ( සක්රීය ) කරගන්නා අවස්තා කැමරාවට අසුවූ තැන් කිහිපයක ඡායාරූප වීඩියෝවක් දැක්වෙයි. සාමාන්යයෙන් සිවා බාබා ජීවත් වෙන්නේ භෞතික කායකින් වුනත් එයාට එක චේතනාවකින් ඒ භෞටික කාය ජ්යෝති කායකට හරවන්න පුළුවන්. ජ්යෝති කාය අමරණීයයි. ජ්යෝති කායට කුසගින්න පිපාසය නෑ වගේම කවදාවත් අසණීප වෙන්නේ නෑ. ජ්යෝති කයකට න්යෂ්ඨික බෝම්බ ප්රහාරයකින් හෝ බලගතුම ජෛව අවිප්රහාරයකින්වත් සීරුම් තුවාලයක තරමක හාණියක් කරන්න බෑ https://www.youtube.com/watch?v=ufVrpPJtpiE
Swami Ramalinga & The Light Body (Dr Pillai's Light Body Teachings) ( සිවා බාබා නොහොත් ආචාර්යය පිල්ලේගේ පෙරභවයක් වන ස්වාමි රාමලිංගගේ අමරණීය ජ්යෝතිකාය ගැන බලගතු රහස් ) https://www.youtube.com/watch?v=Uv7ltNJc__8
පහල තියෙන්නේ මේ ලින්ක් එකේ වීඩියෝවේ සිංහල පරිවර්තනයයි
මට පහුගිය පන්තියෙදි රාමලිංග ස්වාමි ගැන ඔයාලට කියන්න බැරිවුනා. ස්වාමී රාමලිංග එයාගෙ මුළු ජීවිතේම කැපකලේ අමරණීය ජ්යෝතිකාය ගැන රහස් ලෝකෙට දෙන්නයි. එයාගෙ හැම ලියවිල්ලක්ම තියෙන්නේ පරමකාරුණික පරමජ්යෝතී කාය ගැන විතරමයි. එයා වෙන කිසිම දෙයක් ගැන උනන්දුවක් තිබුණේ නෑ. ඒ කාලෙ ඉංග්රීසීන් ඉන්දියාව පාලනය කලේ. ඉංග්රීසින් උත්සාහ කලා එයාව ඡායාරූප වලට ගන්න. ඒත් එයාව ඡායාරූපවලට වැටුනේ නෑ ( කැමරාවට අහුවුනේ නෑ ). පහුගිය දවස්වල මගෙන් සමහරු මගේ ජ්යෝතිකාය කැමරාවට අහුවෙච්ච අන්තර්ජාලයේ පසිද්ද කරන්න අවසර ඉල්ලුවා. දැන් තමයි මම එයාලට අවසර දුන්නේ මගේ ජ්යෝති කායේ ඡායාරූප ලෝකෙට පෙන්වන්න. මේ භෞතික ශරීරය සම්පූර්ණයෙන්ම පරමකාරුණික පරමජ්යෝතිකායකට හැරුනාම ඔයා අනන්ත ආනන්දයෙන් පිරිල යනව. ජ්යෝතිකායට ආනන්දකාය කියලත් කියනව. එහෙම වුනාම ඔයාට හැම පැත්තෙන්ම ඕම් නාදය ඇහෙන්න ගන්නව. ඇලෙක්සඇන්ඩර් කියන මහත්මය ඕක මට කිව්වාම මම ඇහුවා " ඔයා කොහොමද එහෙම ඕම් ශබ්දය හැමපැත්තෙන්ම ඇහෙනව කියල දැනගත්තේ? " කියල එයා කිව්වා " මම දන්නව. මම එච්චර පල්ලියටවත් යන කෙනෙක් නෙමෙයි. ඒත් මම ඒක දන්නවා " කියලා. මමත් මුළ ඉඳලම දැනගන හිටියා ඕම් කියන්නේ සර්වබලධාරියාව හඳුන්වන සංකේතයක් කියලා. ස්වාමි රාමලිංගම්ගෙ අත්දැකීමත් මේකම තමයි. ( ආචාර්යය පිල්ලේ සිවා බාබා මෙතනදී රාමලිංග ස්වාමී ලියූ ශ්ලෝකයක් කියයි. මට දමිල භාෂාව නොතේරේ එය දමිල වචන වලින් මෙතන ලියන්නට ). මේ ශ්ලෝකයෙන් ස්වාමී රාමලිංගම් කිව්වේ එයාට මේ ජ්යෝතිකාය දුන්නේ ආලෝකයට අධිපති සර්වබලධාරියා ( ස්කන්ද ) කියලා. ජ්යෝතිකාය ලැබුණාම ඕම් ශබ්දය හැමපැත්තෙන්ම රාමලිංග ස්වාමිට ඇහෙන්න ගත්තා කියලයි මේ ශ්ලෝකය කියන්නේ. ඕම් ශක්තිය තමයි මේ සුන්දර ජ්යෝතිකාය බවට පත්වුනේ. මේ ජ්යෝතිය ශරීරයේ සියළු රෝග හදන තුන් දොස් සදහටම දුරුකරනව. මම මේ ඕම් කාය ( ජ්යෝති කාය ) ලබාගත්තට පස්සෙ මට ඉහෙන් බහින රෝගයක් ආයෙත් හැදුනේ නෑ. වෙන මොනවද ඔයාට ඕනේ? ඔයාට ඕනේ සල්ලිද? ඉහෙන් බහින රෝගයක් ආයෙත් හැදෙන්නේ නෑ. ඒ මදිවට ඔයාව අනන්ත ආනන්දෙන් උතුරුනව. ඒ විතරක්ද? ඔයාට කුසේ ගින්නත් සා පිපාසාවත් දැනෙන එක සදහටම නතරවෙනව. මේක තමයි මේ ලෝකෙ හැමකෙනෙක්ම ලබාගන්න බලාගන වැඩකල යුතු එකම දේ. මේක අපේ ජීවිතේ ඉහලම අරමුණ වෙන්න ඕනේ. ඒත් ඒ වෙනුවට අපි කිසිම වැදගැම්මකට නැති ලෙඩ ගොඩක් වන සිරුරකින් සෑහීමකට පත්වෙන්න තරම් අවිද්යාවෙන් පිරිලා. අපි දන්න එකම දේ සම්මත විද්යාව කියන හිතට වහල්වුනු කතන්දර විතරයි. අපේ හිතට එන්නෙම දුර්වල සෘනාතම පීඩාකාරී සිතුවිලි වැඩිහරියක්. අපි හිත යොදාගන්නවත් හරියට දන්නේ නෑ. අපි මේ හැමදෙයක්ම වෙනස් කරන්න ඕනේ. කොහොමද අපි මේ හැමදෙයක්ම වෙනස්කරන්නේ? අපිට වෙනව අපේ මොළේ ක්රියාකාරීත්වය බලගතු කරගන්න. මොළේ තමයි අපි වැඩියෙන්ම දියුණුකරගන්න ඕනේ උපකරණය. අන්න ඒකයි මම මගේ ජීවිතේම ඒකට කැපකලේ. මගේ ජීවිතේ මම වැයකරන්නේ භෞතික මොළය විතරක් ගැන උගන්නන්න නෙමෙයි හැබැයි. අපි හැමකෙනෙකුටම සූක්ෂම ශරීරයෙත් මොළයක් ( ඇස්ට්රල් බොඩියෙ මොළයක් - මනෝකායේ මොළයක් ) තියෙනවා. අපි හැමකෙනෙකුටම පරමජ්යෝතිකායේ මොළයක් තියෙනවා. පරමජ්යේතිකායේ මොළය ටිකක් විතර භෞතික කායේ මොළයට සමානකම් දක්වනවා. මම ඒ මොළයට කියන්නේ " සවර්ණපද්මය / පෙති දහසක සහස්රාර පද්මය " කියලා. ඔයාගෙ භෞතික මොළයත් හොඳින් හැදෑරුවොත් ඔයාට ඒ මොළයත් ගොඩක් පෙති තියෙන මලක් වගේ පෙනේවි. මේ ජ්යෝති මොළය එක්ක වැඩකරනකොට ඔයාට මානව සංහතියේ සැබෑ පරිණාමය සහ විශ්වසර්වඤ්ඤතාවය එක්ක වැඩකිරීම ගැන ලොකු අවබෝධයක් අත්දැකීමක් ලැබෙන්න ගන්නව. ඔයාට ඔයාගෙ සර්වබලයට අවදිවෙන්න මේක තමයි ක්රමය. මේ ස්වර්ණපද්ම සහස්රාරය ඔයා අවදිකරගත්තාම ඔයා සර්වව්යාපීය සිහියකට එනවා ( ඔයා තුන් ලෝකෙ හැමදෙයක් ගැනම එකවිට සිහියෙන් ජීවත් වෙනවා. ඔයාගෙ සිහිය තුනොලෙකෙට පැතිරිලා තුන් ලෝකෙම එකවිට අත්විඳිනවා )
මම නිල් උපුල් භාවනාව ට්රැක් එක එක්ක සිවා බාබා කැඳවන මූලමන්ත්රය දුන්නා. මේ රූපයේ තියෙන මන්ත්රය තමයි ස්වාමී රාමලිංගව කැඳවන මන්ත්රය ( සිවා බාබාගේ පේර භවයක් ස්වාමි රාමලිංගම් ). ඒත් මේ මන්ත්රයට කාලය අවකාශය හරහා සිවා බාබාගෙ පෙරභවය වර්තමානයට පහන් එළියක් හරහා කැඳවන්න පුළුවන්. මමනම් යොදාගන්නේ මූල මන්ත්රයයි. සිවා බාබා ස්වාමී රාමලිංගම්ටත් වඩා මේ වෙනකොට සිය දහස් වාරයක් ඉදිරියෙන් ඉන්නවා ලෝකෙට ස්වර්ණයුගයග ගෙන ඒමට ඔහු සතු හැකියාවන් වලදී
ස්වාමි රාමලිංගම් කැඳවන මන්ත්රය
අරුත්පෙරුම් ජ්යෝතී - අරුත් පෙරුම් ජ්යොතී
තනිප්පෙරුම් කරුණෙයි - අරුත්පෙරුම් ජ්යෝතී
තේරුම
මහාකාරුණික පරමජ්යෝතිය - මහාකාරුණික පරමජ්යොතිය
මහකරුණාව වී එන්න - මහාකාරුණික පරමජ්යෝතිය
ඔබ ඉහත මන්ත්රය හෝ මූලමන්ත්රය යොදාගන්නවානම් දැනගන්න. සිවා බාබාට සහ ස්වාමි රාමලිංගම්ට කාල අවකාශ සීමා නැත. ඔවුන්ගේ සිහිය විශ්වය පුරාපැතිරී ඇත. මේ ලෝකයේ හැමකෙනෙකුම අභියසට ජ්යෝතිකාය ලක්ෂයකින් එකවර පැමිණියත් ඔවුන්ගේ සහයෝගය - ආශිර්වාදය - ආරක්ෂාව - මගපෙන්වීම ලබාදීමේ හැකියාව අඩුවන්නේ නැත



Comments
Post a Comment