පිල්ලේ මධ්යස්තානයේ ( පිල්ලේ සෙන්ටර් එකේ - Pillai Center ) ගුරුතුමිය ගිනා ගර්සන් ( Gina Gerson ) ඇයට ආචාර්යය පිල්ලේ ( Dr. Pillai ) මුලින්ම හමුවුනු හැටි ඇගේම වචන වලින් ( සිංහල පරිවර්තනය )

( ගිනා ගර්සන්ට සිවා බාබා - ආචාර්යය පිල්ලේ දුන් අළුත් නම තමයි ලක්ෂ්මී. දැන් හැමෝම ඇයට අමතන්නේ ලක්ෂ්මී කියලායි ).

කෙනෙක් මගෙන් ඇහුව මම කොහොමද ආචාර්ය පිල්ලේව හොයාගන එයාගෙ සිසුවියක් වුනේ කියලා. ඊට කලින් මම එක එක අධ්යාත්මික ගුරුවරුන් පසුපස ගිහින් තිබුණා අවුරුදු ගණනාවක් තිස්සේ. මගේ අන්තිම ගුරුවරයා සිරුර හැරගියාට පස්සේ ඒ ආයතනයේ කිහිපදෙනෙක් මට කිව්වා " ඔයා දන්නවද? මාර බාණ්ඩයක් ඇවිත් තියෙනවා ඇමරිකාවට. " කියලා. මට කලින් හිටිය ගුරුවරයත් හරිම වටින අත්දැකීම මට දුන්නා. මට වයස 19 ඉඳල මට අවුරුදු 26 වෙනකන් හිටිය ගුරුතුමා සිරුර හැරගියාම මම තනියම දියුණුවෙන ගමන් මගේ අධ්යාත්මික මිතුරන් එක්ක ගණුදෙනු කරමින් මම ඉදිරියට ගියා. එයාල තමයි කිව්වේ " මෙන්න මේ ගුරුවරය - සිවා බාබා ගැන හොඳට හොයල බලන්න " කියලා. ඉතින් මම නිව්යෝර්ක් වල ජපන් හෝටලයක එයා කල වැඩසටහනකට හොයාගන ගියා. මම වැඩසටහන පටන් ගන්න කලින් ඉස්සරහම සීට් එකක වාඩිවෙලා හිටියේ. එකපාරටම ශාලාව පිටුපස දොරින් මේ පොඩි මනුස්සය ශාලාවට ඇතුළුවුනා. මම එච්චර මිටි කෙනෙක්ව බලාපොරොත්තු වුනේ නෑ. මගෙ කලින් ගුරුන් අඩි හයකටත් වඩා උසයි. දිගම දිග රැවුලක් මුහුණ පුරා වවාගත්තු පොඩි මනුස්සයෙක් එයා. කොන්ඩෙත් දිගම දිගයි. මොනව කියන්නද? මම එයාව දැක්ක ගමන් මම එයා ගැන ආදරෙන් බැඳුන. එයා මගේ ඇස්දෙකේ ගැටුන මොහොතෙ ඉඳල එයා ඉදිරියෙ ඇවිත් පුටුවක වාඩි වෙන මොහොත වෙනකන් මගේ හිතේ තිබුණේ " අනේ දෙවියනේ! " කියලයි. මේ මොහොතෙත් ඒක මතක් වෙනකොට මගේ ඇස් වලට කඳුළු උනනනවා.අන්න ඒකට තමයි පෙරභවයෙන් ගුරුවරයෙක් එක්ක ගෙනාපු බැඳිමක් කියන්නේ.එතකොට ඔයාට දැනගන්න පුළුවන් " මේ එයා තමයි. මෙයා තමයි මගේ පෙරභවයේ ගුරුන් ඇත්තටම " කියලා.

එදා වැඩසටහනේදි එක එක පිස්සු හැදෙන භාවනා ගොඩක් අපි කලා. ඇස්, කන්, නාසා, මුඛය ආලෝකයෙන් පුරවන භාවනා, මුළු සිරුරම ජ්යෝතියෙන් පුරවන භාවනා ගොඩක් අපි කලා ඒ වැඩසටහනේදී. මාව සම්පූර්ණයෙන්ම ආලෝකයෙන් උතුරල චාර්ච්වුනා ට්රාන්ස්ෆොර්මර් එකක් වගේ දැනෙන්න.

ඊට පස්සෙ එයා හැමෝටම කිව්වා " මම මේ වැඩසටහන අද කරන්න නෙමෙයි හිටියේ. ඒත් එකපාරටම ගත්ත තීරණයක් හින්දයි මේක අද කලේ " කියලා. එයා ඒක කිව්වෙ මම ඇරෙන්න දැනටත් එයාගෙ සිසුන් සිසුවියන් වෙලා හිටිය පිරිසටයි. ඒ වැඩසටහනට පස්සෙ තිබුණ දවස මහාශිවරාත්රී සෙනසුරාදාවක්. එයා එතන හිටිය පරණ සිසුන්ට කිව්වා " හෙට උදේ දහයෙ ඉඳල ( සෙනසුරාදා උදේ දහයෙ ඉඳල ) පහුවදා උදේ හතර වෙනකන් ( ඉරිද උදේ හතර වෙනකන් ) අපි මහාශිවරාත්රී වැඩසටහනක් පවත්වනව" කියල. මම පැනල ඉදිරිපත්වුනා. " අනේ මාවත් ඒකට ලියාපදිංචි කරන්න " කියල එතන අයට මම කිව්වා. ඊළඟ දවස පුරා අපි එයාගෙ වැඩසටහනේ වාඩිවෙලා හිටිය එයා එක්ක. ඒ වැඩසටහනෙදි එයා හරි අඩුවෙන් කතාකලේ. එයා දිග රැවුලත් දිග කොණ්ඩෙත් එක්ක හරිම නිෂ්ශබ්දව අපි එක්ක වාඩිවෙලා හිටියේ. මධ්යම රාත්රියේදි අපි පූජා වැඩසටහනක් කරල එකට භාවනා කලා. මම හොඳටම ඇම ගිල්ලා ඒ වැඩසටහනේදි. එදයින් පස්සෙ මට පුළුවන් හැමවෙලාවකම එයාගෙ කට්ටියට උදව් කරන්න එයාලව මුණගැහෙන්න මම පුදුම උනන්දුවකින් වැඩකලේ. " මට කරන්න පුළුවන් මොනවහරි තියෙනවද මගේ පෙරභවයේ ගුරුතුමා වෙනුවෙන්? " කියල මම නිතරම හොයල බැලුවා. එයා මේ කාලෙදි ඇමරිකාවේ ආශ්රමයක් ආරම්භකලා. මම නිතර ගිහින් ඒක තනියම අතුගාල එනව - පුළුවන් හැම සහයෝගයක්ම දුන්නා. " අනේ මට පුළුවන් හැම සේවයක්ම කරන්න දෙන්න ". දැන් ගොඩක් දෙනා අහනව " ඔයා කොහොමද ඔය තරම් මේ ආයතනට කිට්ටුවෙලා ගුරුවරියක් වුනේ? " කියල. මම මට පුළුවන් හැමවිදියකින්ම සේවා කලා මුළින්

මට තඹ දොයිතුවක් මම ගත්තේ නෑ. අවුරුදු දහයක් - දොලහක් විතර මම ඔය විදියට එයාට සේවා කලා. මම එයාගෙ ඉගැන්වීම් ලෝකෙට යවන්න අන්තර්ජාලෙ වැඩසටහන් හැදුව කිසිම කෙනෙක්ගෙන් කිසිම උදව්වක් නැතිව - කිසිම ආදායමක් නැතිව. මම මගේ රස්සාවටත් යනගමන් මේ ඔක්කොම කලේ. මම පුදුම ආදරෙන් මේ දේවල් කලේ එයාට සේවාවක් විදියට. අවුරුදු දොලහකට විතර පස්සේ ආචාර්ය පිල්ලේ දවසක් මගෙන් ඇහුවා " ගිනා. ඔයා කැමතිද මම එක්ක වැඩකරන්න? " කියලා.

ඔයා දන්නව නේද අපි විශ්වයට දෙන දේ විශ්වය අපිට වැඩිවැඩියෙන් ආපසු දෙනවා කියලා? ඔයා සැබෑ ගුරුවරයෙකුට දෙන දේට එයාගෙන් දහස් වාරයක් වැඩියෙන් ඔයාට ආපසු එයා දෙනවා. ඒක තමයි ඇත්ත. ඒක තමයි සහතික ඇත්ත. මෙන්න මගේ ඇස් දෙකට ආයෙත් කඳුළු උනනනවා. ඒක ඒතරම් මට බලගතු විදියට දැනෙනවා මගේ ගුරුතුමා කොතරම් ත්යාගශීලීද කියන එක. ඔයාට මේ හැඟිම තවම හම්බවෙලා නැතිනම් - ඔයා තාම ඔයාගෙ හදපතුලට ගිහින් මේක හොයාගන නැතිනම් කොහොම හරි මේක හොයාගන්න. මේ දේ ඔයාව සම්පූර්ණ කරයි. ඔයත් මම වගේ සැබෑ ගුරුවරයෙකුට බැඳෙයි. එතකොට ඔයා ඒ ගුරුවරයගෙ ඉගැන්වීම් ලෝකෙට ගෙනියන්නත් මම වගේ හැමදේම කරයි. ඔයාගෙ හදවත ඒ ගුරුවරයට බැඳුනාම මේ දේවල් හරිම ස්වාභාවිකයි. ගුරුවරයාගේ ගුරුපරම්පරාව - ඉගැන්වීම් සියල්ල ඔයාගෙම දේවල් වෙනවා එතකොට.

අපි අද එකතුවුනේ " ශ්රීම් බ්රසී මහාලක්ෂ්මී මන්ත්රය සම්බන්ද වැඩසටහනකට ". මම මේ මාතෘකාවෙන් පිටයි යන්නේ කියල මම දන්නවා. ඒත් මේ ප්රශ්නෙ කෙනෙක් ඇහුවාම මට හිතුනා මේක කියන්නම ඕනේ කියලා. මේ කතාව මගේ හදවතට හරිම කිට්ටුයි. මම හරිම ආසයි මේක අනිත් අයට කියන්නත්.

සැලකිය යුතුයි. ස්වාමී සිවානන්ද ඔහුගේ " ක්රිශ්ණා සහ ක්රිෂ්ණාගේ ප්රාතිහාර්ය " පොතේ " තමන්ගේ බිරින්දෑ වරුන්ගේ ගෙවල් 16,000ක ක්රිෂ්ණා එකවර භෞතික සිරුරු 16,000 මවාගෙන ජීවත්වුනා " කියලා උගන්වනවා. බලගතු අධ්යාත්මික ගුරුවරුන්ට සීමා හරිම අඩුයි. ඔයා නිතර ආචාර්යය පිල්ලේගේ ( විමුක්ති ඊෂ්වර මහේෂ්වර අවතාර ශ්රී දත්තාත්රේය සිවා බාබා ) මූල මන්ත්රයෙන් ඔහුව කැඳවන්න ගත්තොත් සිවා බාබාට පුළුවන් ඔයා වෙනුවෙන්ම ශක්ති ශරීරයක් මවාගෙන දවසේ හැම මොහොතකම ඔයා එක්කම හිඳිමින් ඔයාව නිවනට අරන් යන්න. සිවා බාබාගේ විශ්මිත හැකියාවන් ගැන වැඩි විස්තර මම ඉදිරියට ඔයා එක්ක බෙදාගන්නවා.

පිල්ලේ මධ්යස්තානයේ ( පිල්ලේ සෙන්ටර් එකේ - Pillai Center ) ගුරුතුමිය ගිනා ගර්සන් ( Gina Gerson ) ඇයට ආචාර්යය පිල්ලේ ( Dr. Pillai ) මුලින්ම හමුවුනු හැටි ඇගේම වචන වලින් Pillai Center Teacher Gina Explains How She Met Dr. Pillai  




http://y2u.be/hWSGsybJfAY

Comments

Popular Posts