නිමක්නැති සසර සයුර තරණයට මට ඔරුවක් වන්නාවූ විරාගය මාතුල උපදවන ගුරුභක්තිය මාතුල ජනිතකරවන මගේ ගුරුගේ මිරිවැඬි සඟලට නැවත නැවතත් නමස්කාරවේවා

පුරහඳමඩලක්මෙන් ඥාණාලෝකය පතුරුවන අවාසනාව සෝදාහරින දියදහරක් බඳුවූ තමන්ට බැතියෙන් බැඳෙන්නන්ගේ සිත්වේදණා දුරුකරන මගේ ගුරුගේ මිරිවැඬි සඟලට නැවත නැවතත් නමස්කාරවේවා

වන්දනාකරන ඉතා දිළින්දන් අතිෂයෙන් ධනවත් කරවන - ගොළුවන් පවා බලගතු කථික වාගීෂ්වරයන් කරන මගේ ගුරුගේ මිරිවැඬි සඟලට නැවත නැවතත් නමස්කාරවේවා ( අහංකාරය අතැහැරෙනව කියන්නෙ කුණ්ඩළිනිය නගිනව. අහංකාරය ඔදවැඩෙනව කියන්නේ කුණ්ඩලිනිය බහිනව )

මගේ ගුරුගේ පාද පද්මයට මාව අධ්‍යාත්මික රැහැණකින් බැඳ මට විනකරන තෘෂ්ණාවන්මා තුල සුවපත් කරවා මාව මුදවා ආශිර්වාදලත් ආශාවන්ගෙන් මා පුරවන මගේ ගුරුගේ මිරිවැඬි සඟලට නැවත නැවතත් නමස්කාරවේවා

රජෙකුගේ කිරුළේ නිල්මැණිකක් මෙන් දිලෙන - කිඹුලන් පිරුණු දියපාරකින් එතෙරකරවන පාලමක් බඳු - වන්දනාකරන්නන් රාජකීයත්වයට ඔසවන මගේ ගුරුගේ මිරිවැඬි සඟලට නැවත නැවතත් නමස්කාරවේවා

අන්දකාර පාපයන් පලවාහරින හිරුදහසක් මෙන් දිලෙන අවාසනාව නැමති නාගයා පලවාහරින රාජාලීන් අතර අග්‍රරාජ ගරුඬා ( විෂ්ණු වාහන ) ලෙස වැජඹෙන අවිද්‍යාව මෝහය දවාලන සුවිශාල  අග්ණිජාලාවක් බඳුවූ මගේ ගුරුගේ මිරිවැඬි සඟලට නැවත නැවතත් නමස්කාරවේවා

ක්‍රිෂ්ණාගේ සුවිෂේගී ගුණ සය වූ බලය, සුන්දර ලීලාව, ඥාණය, විරාගය, ප්‍රසිද්දිය, සහ ධනය මටද උරුමකරදෙන ට අතිබලගතු අති උතුම් සමාධිවලට යෑමේ හැකියාව ප්‍රදානයකර විෂ්ණුට ( විෂ්වයේ බලගතුම ගුරුට ) බලගතු භක්ති රැහැණකින් සබඳින  මගේ ගුරුගේ මිරිවැඬි සඟලට නැවත නැවතත් නමස්කාරවේවා

තමන්ට බැතියෙන් බැඳී ලොවට සේවයකරන සිසුවන්ගේ සෑම අවශ්‍යතාවක්ම සපුරාලන සහ බ්‍රහ්මසාක්ෂාතකරනය ලබාදෙන මගේ ගුරුගේ මිරිවැඬි සඟලට නැවත නැවතත් නමස්කාරවේවා

විෂ්ණු වාහන ගරුඬා මෙන් තෘෂ්ණා සර්පයා පලවාහැර ප්‍රඥ්ඥාව සහ විරාගය ප්‍රදානයකර මට පරමසත්‍යය ලඟාකර සීග්‍ර විමුක්තිය ප්‍රදානයකරන මගේ ගුරුගේ මිරිවැඬි සඟලට නැවත නැවතත් නමස්කාරවේවා
සමන්ත කාන්තාවකට පහන තියන්නේ ඇයි | Unified Field Theory | Quantum Physics In Sinhala 






Comments

Popular Posts