අධිරාජ්‍යවාදී අතිබලගතු ප්‍රතිවාදියාට ස්වයංවිනාශකාරි සුලිකුණාටු මවන්න...
Manifest Synchronicities | Evolution During Crisis -51 with Preethaji and Krishnaji
වීඩියෝවේ සිංහල පරිවර්තනය
ශ්‍රී ක්‍රිෂ්ණප්‍රීතා රාමභගවත්දාසා - " අද මම ඔයාලට කියාදෙනව කොහොමද වාසනාව ජීවිතේට ගන්නේ කියලා.
සුප්‍රසිද්ද අතිබලගතු කුබ්ලයි කාන් කියන හමුදාපති මොංගෝලීය ජෙනරාල් වරය ක්‍රිස්තු වර්ෂ 1274දි ජපානය ආක්‍රමණය කලා. එයා සෙබලුන් 20,000ක් එක්ක නැව් 500කින් ආක්‍රමණය කලේ. මෙහෙම සටනකට ජපානෙ කීයටවත් සූදානම්වෙලා හිටියේ නෑ. ජපන් සොල්දාදුවන් වැඩියෙන් දැනගන හිටියෙ ගොඩබිමේ මුහුණට මුහුණ පොඩි සටන් වලට. කොහොමවුනත් මෝංගෝලීය ආක්‍රමණිකයින් මුහුදුවෙරලට ලං වෙද්දිම සුවිෂාල කුණාටුවක් ක්ෂිතිජයෙන් ක්ෂිතිජයට පැතිරෙමින් කඩා බිඳගන ඇවිත් සියළුම මොංගෝලීය නව්කා විනාෂකරල දැම්ම. කිසිම සතුරෙක් ජීවතුන් අතර ඉතිරිවුනේ නෑ. ජපන් ජාතිකයින් ඒකට " දිව්‍ය හස්තයේ කුණාටුව " නොහොත් " කමිකසේ - Kamikaze" කියල කිව්වා.
අවුරුදු හතකට පස්සේ ආයෙත් සැරයක් හමුදා සෙබලුන් ලක්ෂයක් එක්ක කුබ්ලයි කාන් නැවතත් ජපානය ආක්‍රමණය කරන්න හැදුවා. මේ වතාවේ සුවිෂාල තවත් කුණාටුවක් අවාරෙදි ඇවිත් සම්පූර්ණ නව්කා සමූහයම ගිලගත්තා.
ඔයා මේකට මොකද කියන්නේ? සමහරු ඒකට "අහම්බයක්" කියල කියයි. සමහරු ඒකට "හාස්කමක්" කියල කියයි. සමහරු ඒකට "විශ්වයෙන් ලැබුණු සහයෝගයක්" කියල කියයි. සමහරු ඒකට "වාසනාව" කියල කියයි. අපිට ඒකට කියන්න පුළුවන් "සිදුවීම් කිහිපයක් සමමුහුර්තවීමක් - A Synchronicity" කියලා.
ඉතින් සමමුහුර්තවීමක් - A Synchronicity කියන්නේ මොකක්ද?
ඇයි අපි ඒකට එහෙම කියන්නේ?
අපි විශ්වය දකින්නෙ පදාර්තයෙන් හැදුන දෙයක් විදියට නෙමෙයි. විශ්වය කියන්නේ ශක්ති රටාවන්. අපි මේ සමමුහුර්තවීම් දකින්නේ අර්තයක් ඇතිව එකවිට සිදුවන සිදුවීම් විදියට විශ්ව විඥ්ඥාණයෙන් හැසිරෙන. ඒවා අපේ හදවතේ චේතනා එක්ක එකට යන්න පුළුවන් සිදුවීම්. ඒවා ජීවයේ වැඩි යහපත වෙනුවෙන් එහෙම පෙළගැහෙනව. සමහර් මිනිස්සුන්ට මෙහෙම අත්දැකීම් ලැබිල තියෙනව. ඒත් අපි හිතන්නේ "ඒව අහඹු සිදුවීම්" කියල විතරයි.
එහෙම දේවල් අපිට නිතර අත්විඳින්න පුළුවන්නම් අපි හරිම කැමතියි. එහෙම නේද? එහෙම වෙන්න පුළුවන්ද? අපොයි ඔව් පුළුවන්. අපි දැන් අවුරුදු ගණනාවක් මේ විශ්වයේ ස්වභාවය අධ්‍යනය කරල සමමුහුර්තතාවේ විද්‍යාවක් ( A Science of Synchronicity ) හඳුන්වාදීල තියෙනව. අපේ පාසැලේ සිසු සිසුවියන් දහස් ගණනින් දිනපතා මේවගේ අත්දැකීම් ජීවිතේ ඇතිකරගන්නව. සමහර අත්දැකීම් යෝධ ගනයේ ඒවා වගේම සමහර ඒව දිනපතා ජීවිතයේදී ලැබෙණ අත්දැකීම්.
එයාලට දැනෙන්නේ එයාලගෙ ජීවිතේට විජ්ජාවක් ඇවිත් වගේ ( මැජික් එකක් ඇවිත් වගේ ). තමන්ට ගැලපෙනම අය එයාලගෙ ජීවිතයට ඉබේම එනව. එයාලට ගැලපෙනම අවස්තාවලට එයාල නොදැනුවත්වම පයගහනව. එයාලට දෙයක් දැනගන්න ඕනෑ වුනාම නිවැරදිම දැනුම එයාලව ඉබේම හොයාගන එනව. එයාල ඒ දැනුමෙන් අනිත් අයගේ ජීවිතයට යහපත් වෙනසක් කරනව. එයාලට විශ්වය නිවැරදිම පණිවිඩය හරියටම හරි වෙළාවට සපයනව එයාල උත්තරයක් හොය හොයා ඉන්ඩැද්දි. මේකෙන් එයාලගෙ හිතේ කරදර දුරුවෙලා සිත ශාන්තියකින් පිරෙනව.
හැබැයි මේව ඔයාටත් වෙන්නනම් දේවල් දෙකක් ඔයාගෙ විඥ්ඥාණයෙ වෙන්න ඕනේ.
1. මුල් දේ තමයි ඔයා සුන්දර මානසිකත්වයකට එන්න ඕනෙ.
2. විශ්ව විඥ්ඥාණය එක්ක සුපිරි සම්බන්දතාවයක් අත්විඳින්න සිද්ද වෙන්න ඕනෙ දෙවෙණි වෙනසනම් - මේ විශ්ව විඥ්ඥාණයට හදවතින් සබැඳෙන්න පුළුවන් කියල දන්නේ බලගතු යෝගීන් සහ සෘෂිවරුන් තමයි ( මේ විඥ්ඥාණයට ඔයා සර්වබලධාරියා හෝ ක්වන්ටම් භෞතික විද්‍යාවේ ඒකීය ක්ෂේත්‍රය කියන්න ).
මේ විශ්වවිඥ්ඥාණය එක්ක පුද්ගලික සම්බන්දතාවයක් හදාගන්න පුළුවන් කියල එයාල දන්නව. ඔයා හදාගන්න රූපෙට අනුව විශ්වවිඥ්ඥාණය ඔයාට ප්‍රතිචාර දක්වමින් සම්බන්ද වේවි. මේ විශ්වවිඥ්ඥාණයට මිතුරෙකුට විදියට, මවක විදියට, පියෙකු විදියට, පෙම්වතියක - පෙම්වතෙකු විදියට - සීයා කෙනෙකු - ආච්චී කෙනෙකු විදියට සලකල කිට්ටු වෙන්න පුළුවන් කියල යෝගීන් දන්නව. ඔයා සුන්දර මානසිකත්වයකින් හදවතට ටියුන් වෙලා ඉද්දි මේ විශ්ව විඥ්ඥාණයට ආදරෙන් බැඳිල ඔයාට ඕනේ දේ ඉල්ලන්න. එතකොට ඔයාට දකින්න ලැබෙයි ඔයාගෙ ජීවිතයේ වටපිටාවේ දේවල් රටාවකට ගලන්න ගන්නව ඔයාගෙ පැතුම ඉටුකරන්න.
භෞතික විද්‍යාව, ගණිතය, ජීවවිද්‍යාව, සහ රසායන විද්‍යාව කියන්නේ සංකීර්ණ මූලධර්ම තියෙන විද්‍යාවන් වගේ විශ්ව විඥ්ඥාණය හැදෑරීමත් බලගතු විද්‍යාවක් තමයි. ඒ විද්‍යාවත් හරියට තෙරක් නොපෙනෙන සයුර වගේ පුළුල්. හදවතින්ම ඒක ගැන හොයන අයට විශ්වය රහස් හෙලිකරන්න ගන්නව.



.jpg)

.jpg)
.jpg)


Comments
Post a Comment